Talk with Chatura - podcast cover

Talk with Chatura

Interview With Chatura Alwis
Last refreshed:
Follow this podcast in the Metacast mobile app to refresh it and see new episodes.
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

E25: අගමැති සහෝදරයා කියන කතාව | Shan Wickremesinghe | Talk With Chatura

හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුන අතර ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආර්ම්භ වන්නේ අසූව දශකයේ මුල් භාගයේ , ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කිරීමත් සමගයි, ඔහු ගැන දන්න දේට වඩා නොදන්න බොහෝ දේ මෙම වැඩසටහන තුළදී ඔබට දැනගත හැකියි.

Jun 03, 202045 minEp. 25

E23: කුඩු ගහන මන්ත්‍රීලා මම දන්නවා | Iraj Weeraratne | Talk With Chatura

ඉරාජ් වීරරත්න ඔහු කියන්නේ ඔහු musician කෙනෙක් කියලා, අප දන්න විදියට ඔහු Music producer කෙනෙක්. කාලයක් තිස්සේ විවිධ Music Videos නිර්මාණය කරලා, ජනප්‍රිය වෙලා, චරිත නොවෙන අය චරිත කරලා, චරිතවලට තම නිර්මාණ හරහා “හින්ට් පාස්“ කරලා සම්මුති සමාජය තුළ පිළිනොගන්නා දේවල් පිළිගන්නා ලෙස අපට ඉදිරිපත් කරලා, ඒවා මාර්කට් කරපු චරිතයක්... ඕනෙම කෙනෙකුට දේශප්‍රේමි සළුව තුළ සැඟවෙන්නට පුළුවන්. ඔහු මෑතක සිට වඩාත් අප අතරට එන්නේ, ඔහු කරන සංගීත නිර්මාණ හරහා නම් නෙමෙයි.දේශප්‍රේමියෙකු ලෙස රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්න...

Jun 03, 202043 minEp. 23

E22: මම කවියෙක් | Alawathure Vijitha Abeywickrama | Talk With Chatura

කාව්‍ය විශාරද වන්නේ කෙසේද ? අප බුද්ද්ධිමතුන් යයි සිතන අයට වඩා ඔවුන් කෙතරම් ඉදිරියෙන්ද ? දෙමවුපියන් ලෙස ඔබ මෙම වැඩසටහන නරඹන්න දරුවන්ටත් මෙම වැඩසටහන නරඹන්න අවස්ථාවක් උදාකරන්න

Jun 03, 202035 minEp. 22

E20: සක්විති රණසිංහගේ පාපොච්චාරණය | Sakvithi Ranasinghe | Talk With Chatura

සක්විති රණසිංහගේ පාපොච්චාරණය සිරගතව සිට පැමිණීමෙන් පසු පළමු මාධ්‍ය සාකච්ජාව සිරකරුවන් ලෙසින් සිරගතව සිටි සමාජයේ විවිධ චෝදනාවට ලක්වූ නමුත් අධිකරණයේදී වරදකරුවන් බවට පත් නොවුණු විවිධාකාර පුද්ගලයින්ට විවිධ වැඩසටහන්වල අදහස් පළ කිරීම සඳහා අවකාශයන් ලබා දෙන අප සක්විති රණසිංහ හට ද ලබාදි ඇත්තේ එම අවස්ථාවයි.

Jun 03, 202031 minEp. 20

E16: ඉස්ලාම් අන්තවාදය ගොඩනැගුණු හැටි | Nara T. Arun Kanth | Talk With Chatura

නාරා ටී අරුණ්කාන්තන් සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපතිවරයායි, අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රාහාරය එල්ලවීමට ප්‍රථම එම ත්‍රස්ත ක්‍රියා සම්බන්දව හින්දු ජනතාව බොහෝ තොරතුරු ලබා දී ඇත,ඔවුන්ට එහීදී තොරතුරු සන්නිවේදනය සදහා ඔවුන් කතාකරන දමිළ බස ඉවහල් වී ඇත,ඔවුන් කියන්නේ රටේ වෙනදේවල් ඇත්තටම දනගන්න දමිළ බස ඉගෙනගන්න කියායි, නැගෙනහිර පලාතේ සිදුවන අන්තවාදී ආක්‍රමණය නිසාවෙන් දැනටමත් කෝවිල් 18 කට වැඩි ප්‍රමාණයක් මෙමෙ ආක්‍රමණයට නතුව ඇති බව පවසන ඔහු මේ රටේ බහුතර ජනයා සමග සුහදව ජීවත්විය නොහැකි නම් ලෝකයේ වෙනත් කිසිදු...

Jun 03, 202052 minEp. 16

E15: ඔසරිය අඳින මුස්ලිම් නගරාධිපතිනිය | Kareema Marikar | Talk With Chatura

වයඹදිග ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ නගරාධිපති පදවියට පත් වූ කරීමා මරික්කාර් ශ්‍රී ලංකාවේ මහනුවර උපත ලබා ඇති මුස්ලිම් ජාතික කාන්තාවකි. බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි,

Jun 03, 202018 minEp. 15

E14: ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Dr. Ajith Rohana Colonne | Talk With Chatura

ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ පසු කල බුද්ධි අංශ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ අයෙකි. ඔහු මීට කලකට පෙර රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉවත්ව ඇති අතර ආරක්ෂක අංශවලට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද රට පුරා විදේශ දේශන පවත්වමින් සිටි ඔහු මෙම වැඩසටහන තුළදී හෙළි කළ යුතු බුද්ධි තොරතුරු පමණක් හෙළි කරණු ලබන අතර ඒවා හෙළි කළ යුතු වපසරියේ සිටි හෙළි කිරීමට කටයුතු කරයි.

Jun 03, 202020 minEp. 14

E13: මුස්ලිම් අපෙත් වැරැද්දක් තියෙනවා | Ali Sabry | Talk With Chatura

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව සමාජය සංවේදී මෙන්ම කම්පනයට පත් වී ඇති මොහොතක මුස්ලිම් සමාජයේ ක්‍රියාකාරිකයෙකු සේම ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥයෙකු වන අලි සබ්රි මහතාගෙන් කෙරුණු ඍජුව ප්‍රශ්න කිරීමකි. එහිදී කුරානය, බොහාරිය, ජමාත් සංවිධාන සහ වර්තමානයේ කතාබහට ලක්වන බොහෝ දේ පිළිබඳව ඍජුව ප්‍රශ්න කෙරේ.

Jun 03, 202042 minEp. 13

E09: ආගමට හැරවීම ප්‍රශ්නයක් | Catholic Priest Father Francis | Talk With Chatura

උපතින් සුළු ජාතිකයෙකු වී,උපතින් එම රටෙහි බහුතරය පිළිගන්නා ආගමේ ද නොවී ඔහු රට ගැන ජාතිය ගැන, ස්වෙදේශිකත්වය ,මෙතරම් හැගුම්බරව කථා කරනවා නම් තව කුමන කතාවක් ද? එතුමා කුරුණෑගල හිටපු සම්මානිත රදගුරු ශාන්ත ප්‍රැන්සිස් පියතුමා ,අන්‍යාගම් කරණය ,සංස්කෘතිය ,බුදුදහම ,කතෝලික ද,එංගලන්ත සභාව ,ඇමරිකානු ක්‍රිස්තියානි කරණය ,රට පාවා දෙන අය ,දේශපාලනය සදහා වන පල්ලියේ බලපෑම සහ තවත් බොහෝ දේ මෙහිදී බිෂොප් තුමා සමග කතාබහට ලක් කරනවා

May 30, 20201 hr 38 minEp. 9

E08: කොට නිසා අපිව විහිළුවට අරන් | Talk With Chatura

ඔබට ද යළිත් පාරක් සිතන්නට වේවි. කිසිවෙකුත් උසමිට අනුව පහත් කොට සලකන්නට එපා. අප සැමට දැනෙන හැඟීම් දැනීම් දුක වේදනාවන් ගැන සිතන්න. ACHONDROPLASIA කියන රෝගී තත්ත්වයෙන් පීඩා විඳින මේ අයට මෙම තත්ත්වය උදාවී ඇත්තේ ඔවුන්ගේ වරදකින් නොවෙයි. අපි ඔවුනුත් සමානයන් ලෙස දකිමු. ඔවුන්ට අප හා සමව ජීවත් වෙන්නට අවකාශ සලසමු. ඔවුන් දෙස වපර ඇසින් නොබලමු. ඔවුන්ට ඔබේ අනුකම්පාව අවශ්‍ය නැහැ. ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. ආදරය, දයාව, මනුෂ්‍යත්වය පෙරදැරි කොට ඔවුන්ව වැළඳගන්න. මන්ද ඔවුන් ශරීරෙන් කුඩා මිනිසුන් වූව...

May 30, 20201 hr 10 minEp. 8

E07: මුත්තයියා මුරලිදරන් | Muttiah Muralitharan | Talk With Chatura

මුරලි කියන්නේ අපි ආදරය කරන චරිතයක්. අපි ඔහුත් සමග හැමතිස්සෙම කතා කරන්නේ ක්‍රිකට් ගැන. නමුත්, ඔහු ව්‍යාපාරිකයෙකු ලෙසත් සාර්ථක වී ඉන්නවා. ඒ වගේම 1920 ගණන්වල වතු කම්කරුවෙකු ලෙස තමන්ගේ සීයා ලංකාවට පැමිණි බව කියන්නත් ඔහු පැකිලෙන්නේ නැහැ.

May 28, 20201 hr 30 minEp. 7

E04: උවිදු විජේවීර | Uvindu Wijeweera | Talk With Chatura

රෝහණ විජෙවීර මහතාගේ පුත් උවිදු විජේවීර සමග පළමු වරට රූපවාහිනී නාලිකාවක් කල සම්මුක සාකච්ජාවේ සම්පුරණ වැඩසටහන

May 28, 20201 hr 18 minEp. 4

E03: සංගීත් විජේසූරිය | Sangeeth Wijesuriya | Talk With Chatura

සංගීත් විජේසූරිය අපි දන්නේ " වායෝ " හරි " සනිධප " හින්ද. ගායකයෙක් විදිහට, නමුත් ඔහුට කතා කරන්න මානයන් ගනනාවක් තියනවා. දේශපාලනය, කලාව, මත්ද්‍රව්‍ය, ආගම, දර්ශනය ගැන ඔහුගේ කියවීම සම්පූර්ණ වැඩසටහන

May 26, 20201 hr 33 minEp. 3
For the best experience, listen in Metacast app for iOS or Android