SBS Sinhala - SBS සිංහල වැඩසටහන - podcast cover

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Last refreshed:
Follow this podcast in the Metacast mobile app to refresh it and see new episodes.
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

තාවකාලික වීසා එකක ඉන්න අය නිවාස ආයෝජනයක් කරනවනම් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් මෙන්න

තාවකාලික වීසා එකක ඉන්න අය, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් ඉන්න අය ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදීගන්න හෝ නිවාස වෙළඳපොලේ ආයෝජනය කරන්න හිතනවානම් එහිදී සැලකිලිමත් විය යුතු කාරනා ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

Jul 29, 20259 min

'Homeschooling' ක්‍රමවේදය ගැන ලබාදුන් නිර්දේශ සියල්ල පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කරයි: කාලීන විග්‍රහය

නිවසේ සිට අධ්‍යාපනය ලැබීම එහෙම නැතිනම් Home-schooling කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් කුවීන්ස්ලන්තයේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. එහිදී ලබා දී ඇති නිර්දේශ 8 ම පිළිගැනීමට කුවීන්ස්ලන්ත රජය කටයුතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය පාසල් විෂය නිර්දේශය Home-schooling ක්‍රමවේදය සඳහාද අනිවාර්ය කිරීමට පසුගිය ප්‍රාන්ත රජය කටයුතු කර තිබුනා. කෙසේ උවත් මේ සඳහා Home-schooling වෙත යොමුවී ඇති දෙමාපියන් අතරින් විරෝධයක් ගොඩ නැගුනා.මේ හේතුවෙන් Home-schooling ක්‍රමවේදය නියාමනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිද...

Jul 29, 202510 min

ඔබේ දැනුවත්කමෙන් තොරව බරපතල අපරාධවලට ඔබව හසු කෙරෙන වංචනික මූල්‍ය ක්‍රියාවක් පිළිබඳ AFP අනතුරු අඟවයි

අපරාධකරුවන් විසින් ඩොලර් 200ක් වැනි සුළු මුදලකට ඔස්ට්‍රේලියානුවන්ගේ බැංකු ගිණුම් භාවිත කරමින් අපරාධ සිදු කිරීමක් පිළිබඳ වාර්තා වනවා. එක් ප්‍රධාන බැංකුවක් පවසන පරිදි මෙලෙස සිය බැංකු ගිණුම් ලබා දෙන අයට තමන් අතින් වරදක් සිදු වන බවට අවබෝධයක් නැහැ. මේ කෙටි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Jul 28, 20254 min

Migraine හෙවත් ඉරුවාරදය සුව කරන්න ආයුර්වේදයේ තිබෙන ප්‍රතිකාර ගැන තොරතුරු මෙන්න

Migraine හෙවත් ඉරුවාරදය පිලිබදව සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ලබා දෙන ප්‍රතිකාර සහ වලක්වාගැනීමේ ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න.

Jul 28, 202510 min

ජීවාණුහරණය නොකළ ඉඳිකටු තුඩකින් පවා ආසාදනය විය හැකි හෙපටයිටිස් රෝගය පිළිබඳ දැනුවත් වෙමු

ජූලි 28වන දා ලෝක හෙපටයිටිස් දිනය ලෙස නම් කර තිබෙනවා. ඒ හා සමගාමිව හෙපටයිටිස් රෝගයේ විවිධ ප්‍රභේද, රෝග ලක්ෂණ සහ බෝ වන ආකාර පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවේ පළමු කොටසට සවන් දෙන්න.

Jul 28, 20259 min

'මේ රජය දුප්පතාගේ නෙමෙයි දැන් හාම්පුතාගේ රජයක් වෙලා', මන්ත්‍රී නාමල් කියයි: මවුබිමෙන් පුවත් ජූලි 28

අද - ජූලි මස 28 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jul 28, 20259 min

ඕස්ට්‍රේලියාවේ හෙපටයිටිස් රෝගීන්ගෙන් සියයට 70ක් විදෙස් රටවල උපත ලැබූ අය බව වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය

සංක්‍රමණික ප්‍රජාව හෙපටයිටිස් රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත්වන බව නව වාර්තාවකින් පෙනී යනවා. රෝග නිර්ණයක් නොමැතිකම සහ රෝගීන්ට අවශ්‍ය සත්කාර ලබා ගැනීමට ඇති අපහසුතාව යන කරුණු මීට හේතු වී ඇති බව කියැවෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Jul 28, 20256 min

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 21 - ජූලි 25

ජූලි 21 වනදා සිට ජූලි 25 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Jul 25, 20259 min

කොවිඩ් 19 වසංගත කාලය නිසා මිනිස් මොලය වයසට යාම වේගත් වී තිබිය හැකි බව පර්යේෂණ වාර්තාවක් සඳහන් කරයි

කොවිඩ් 19 වසංගත සමයේ මිනිසුන්ගේ මොලය වේගයෙන් වයසට යාමේ තත්වයක් ඇතිවී තිබිය හැකි බව නවතම පර්යේෂණ වාර්තාවක් හරහා පෙන්වා දී තිබෙනවා. එම කාලය තුල ජනතාව මුහුණ දුන් මානසික පීඩාකාරී තත්වය හේතුවෙන් මෙය උදාවී ඇති බවත් මෙම වාර්තාව සඳහන් කරනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන්

Jul 25, 20254 min

රැකියා ස්ථානවල දී වයස නිසා වෙනස් කොට සැලකීමේ ප්‍රවණතාවක් පවතින බව අධ්‍යයනයක් හෙළි කරයි: කාලීන විග්‍රහය

ඕස්ට්‍රේලියාවේ රැකියාවල නියැළෙන්නන් විශ්‍රාම යන වයස මේ වන විට අවුරුදු 67ක් ලෙස සඳහන් වනවා. නමුත් රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස අවුරුදු 51 සිට 55 දක්වා පුද්ගලයන් බොහෝ විට "වැඩිහිටි සේවකයන්" ලෙස සැලකීමට භාජනය කරනු දකින්නට ලැබෙනවා. මේ බව Australian HR Institute සහ ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම විසින් කරන ලද නව පර්යේෂණයකින් හෙලි වී තිබෙනවා. නමුත් මෙය අලුත් දෙයක් වන්නේ නැහැ. වයස අවුරුදු පනස් ගණන්වල සේවකයන් බොහෝ විට වයස නිසා වෙනස්කම්වලට මුහුණ දෙන බව පෙර අධ්‍යයනයන් දැනටමත් පෙන්වා දී තිබෙනවා. එසේ...

Jul 25, 20257 min

AI වලින් හදන බොරු දේවල් වලට අහු නොවෙන්න නම් මේ ගැන හොඳින්ම දැනගන්න

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න

Jul 25, 202510 min

'මම ලංකාවේ ක්‍රිකට් නායකයා කවුද කියලවත් දන්නැති කාලයක් තිබුනා', ක්‍රීඩා ඇමති කියයි: ක්‍රීඩා විග්‍රහය

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Jul 25, 20258 min

හිටපු ඇමති රාජිතගේ ඇප පෙත්සම විභාග කරන්න කොළඹ මහාධිකරණය තීරණය කරයි: මවුබිමෙන් පුවත් ජූලි 25

අද - ජූලි මස 25 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jul 25, 20258 min

'Childcare' ක්ෂේශ්ත්‍රය සම්බන්ධයෙන් නව පනතක් පර්ලිමේන්තුවට: කාලීන විග්‍රහය

Childcare මධ්‍යස්ථාන සේවකයකු ළමා අපචාර චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට පත්වීමත් සමග මෙම ක්ෂේශ්ත්‍රය පිලිබඳ විවිද ක්‍රියාමාර්ග ගනීමට රජය කටයුතු කරමින් සිටිනවා. ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මධ්‍යස්ථාන වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වන childcare මධ්‍යස්ථාන සඳහා වන රාජ්‍ය අරමුදල් කපාහැරීමට බලය ලබාගැනීම මෙම නව පනත හරහා අපේක්ෂා කරනවා. කෙසේ උවත් මෙය ප්‍රමාණවත් නොවන බව ඇතැමුන් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්

Jul 24, 20257 min

Boost or burden? The cost of Australia's refugee intake - SBS Examines: මානව හිමිකම් සහ ආර්ථිකයට ප්‍රමුඛතාව දෙමින් සරණාගත ප්‍රජාව පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමේ අවශ්‍යතාව

Australia has spent $13 billion on offshore processing in over a decade. Human rights experts believe there's a less costly, more compassionate way. - සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සිදු කළහොත් ආර්ථික වර්ධනය උදෙසා දිගුකාලීනව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සරණාගත ප්‍රජාවට හැකි බව බොහෝ අධ්‍යයන පෙන්නුම් කරනවා. පසුගිය මැතිවරණයේදී දේශපාලනඥයන් විසින් සරණාගත ප්‍රජාව පිළිබඳව පැවසූ දේ සහ මෙම මාතෘකාව පිළිබඳ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වූ සටහන් ද SBS Examines විසින් ගවේෂණය කළා. ඕස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රජාව ආශ...

Jul 24, 202510 min

ගාසා තීරයේ මහා සාගතයක් පැතිරෙන බවට සංවිධාන 100 කට වැඩි ගණනකින් අනතුරු ඇඟවීම්: 'ලොව වටා'

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Jul 24, 20258 min

ගෝලීය උණුසුම ඉහළයාම නිසා ඔස්ට්‍රේලියාවට සිදුවිය හැකි දැඩි බලපෑම ගැන වාර්තාවක් කරුණු හෙළිකරයි

දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් මේ වන විටත් විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනවා. ගෝලීය උණුසුම ඉහළයාම නිසා ලොව පුරා දේශගුණික විපර්යාස ඉහලයමින් පවතින බව නවතම වාර්තාවකින් හෙළිකර තිබෙනවා. මෙය ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද? ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Jul 23, 20255 min

What is a Justice of the Peace? When do you need one? - JP හෙවත් සාම විනිසුරුවරුන් යනු කවුද සහ ඔස්ට්‍රේලියාවේදී ඔවුන්ව සොයාගන්නේ කෙසේද: Australia Explained

At some stage you will probably need help from a Justice of the Peace. It may be to prove your identity, to make an insurance claim or to certify copies of your legal documents in your language. JPs are trained volunteers who play a crucial role in the community by helping maintain the integrity of our legal system. So what exactly does a JP do and where can we find one when we need their services? - යම් අවස්ථාවක දී ඔබට සාම විනිසුරුවරයෙකුගේ උපකාර අවශ්‍ය විය හැකියි. එය ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීම...

Jul 22, 202512 min

පොලී අනුපාත කප්පාදු නොකිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපලේ අලුත්ම තත්වය ගැන තොරතුරු මෙන්න

ඕස්ට්‍රේලියානු මහ බැංකුව පසුගියදා රැස් වුනත් බොහෝදෙනා අපේක්ෂා කල ආකාරයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කලේ නෑ. කෙසේ උවත් අගෝස්තු මාසයේදී නැවත පොලී අනුපාත කප්පාදුවක් ඇතිවන බවට අනාවැකි පලවනවා. මේ අතර කුලී නිවාස මිල පිළිබඳවද යම් ගැටළු කාරී තත්වයක් ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල තුල පවතිනවා. වර්තමාන ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිලිබඳව වැඩිදුර තොරතුරු මේ සාකච්ඡාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Jul 22, 20259 min

අද පැවැත්වෙන නව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ගැන තොරතුරු මෙන්න

ඕස්ට්‍රේලියාවේ 48 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අද එනම් ජූලි 22වනදා පැවැත්වෙනවා. පසුගිය මැයි මාසයේ පැවති මහ මැතිවරණයෙන් නවක මන්ත්‍රීවරුන් 40දෙනෙකු පමණ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබෙනවා. අද දිනයේ පැවැත්වෙන නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හා සම්බන්ධ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Jul 22, 20258 min

මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන අයදුම්පත් දැන් විවෘතයි

මුල් ළමා විය අධ්‍යාපන ක්ෂේත්‍රය හෙවත් 'Early childhood education and care' අංශයේ සේවා සපයන්නන් හට සිය කාර්යමණ්ඩල පුහුණු සහ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට නැවත වරක් අයදුම් කිරීමේ අවස්ථාව හිමිවී තිබෙනවා. මෙම අයදුම් වටය පිළිබඳ තොරතුරු මේ කෙටි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Jul 21, 20254 min

කබලේ බැදගත් පොල් සහ කිතුල් පැණි සමඟ ශ්‍රී ලංකාවේ රස පදමට ලැමින්ග්ටන් හදමු, ජාතික ලැමින්ග්ටන් දිනය අදයි

ඕස්ට්‍රේලියාවේ ඕනෑම බේකරියක, කැෆේ එකක වගේ ම සුපිරි වෙළඳසැලකත් දැකිය හැකි ආහාරයක් තමයි ලැමින්ග්ටන්. මේ රසවත් ආහාරයට ඔස්ට්‍රේලියාව කොතරම් ආදරය කරනවා ද කිවහොත්, ජූලි 21වන දා ජාතික ලැමින්ග්ටන් දිනය කෙස නම් කර තිබෙනවා. මෙහි ඉතිහාසය සහ ශ්‍රී ලාංකේය ක්‍රමයට ලැමින්ග්ටන් සාදාගත හැකි ආකාරය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Jul 21, 20256 min

AI භාවිතයෙන් සිදු කරන ළමා අපයෝජනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි, විශේෂඥයෝ පවසති: කාලීන විග්‍රහය

ළමා අපයෝජනය නිරුපණය කෙරෙන පින්තූර, වීඩියෝ, අකුරු වැනි දේ නිර්මාණය කරන AI මෙවලම් ළඟ තබා ගැනීම හෝ භාවිත කිරීම අපරාධයක් ලෙස නම් කරන මෙන් ෆෙඩරල් රජය වෙත ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතිනවා. ළමා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නන් පවසන්නේ සදාචාරාත්මක AI භාවිතය සඳහා ගෝලීය ප්‍රමිතීන් සැකසීම සහ දරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත යුතු බවයි. අද කාලීන විග්‍රහයේ අවධානය මේ පිළිබඳවයි.

Jul 21, 20257 min

'ලංකාවේ පොලිසියේ 40% දක්වා පමණ බෝ නොවන රෝගවලින් පෙළෙනවා', වැඩබලන පොලිස්පති කියයි: මවුබිමෙන් පුවත් ජූලි 21

අද - ජූලි මස 21 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jul 21, 20258 min
For the best experience, listen in Metacast app for iOS or Android