SBS Sinhala - SBS සිංහල වැඩසටහන - podcast cover

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Last refreshed:
Follow this podcast in the Metacast mobile app to refresh it and see new episodes.
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 14 - ජූලි 18

ජූලි 14 වනදා සිට ජූලි 18 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Jul 18, 20258 min

වැඩි පිරිසකට Age Pension, Carer Payment සහ DSP ප්‍රතිලාභ ලබා දෙමින් වත්කම් සීමා ඉහළ ගියේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට ඇතැම් රජයේ ගෙවීම් හෝ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබීමට නම් ඔබ සතු දේපළ සහ ඉතිරිකිරීම් වැනි වත්කම්වල අගය යම්කිසි මුදල් සීමාවකට යටත් විය යුතු වනවා. මෙම සීමාව වත්කම් සීමාවක් හෙවත් asset limit එකක් වශයෙන් හඳුන්වනවා. මෑතක සිදු වූ වත්කම් සීමාවේ ඉහළ යාම් නිසා පෙරට වඩා වැඩි පිරිසකට පූර්ණ හෝ අර්ධ වශයෙන් Age Pension, Carer Payment හෝ Disability Support Pension ප්‍රතිලාභ ලැබීමට හැකියාව ලැබෙන බව Services Australia වෙබ් අඩවිය සඳහන් කරනවා. මේ කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයෙන් අපි කතා කරන්...

Jul 18, 20255 min

අපි හැමෝම පාවිච්චි කරන සමාජ මාධ්‍ය වල, AI වලින් බොරු තොරතුරු හදන්නේ මෙහෙමයි

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න

Jul 18, 202510 min

'ලෝක කුසලානෙට යන්න කලින් ලංකා කණ්ඩායමේ හදන්න අඩුපාඩු තියෙනවා', ප්‍රධාන පුහුණුකරු සනත් කියයි: ක්‍රීඩා විග්‍රහය

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Jul 18, 20258 min

'සජබෙ ට අලුත් නායකත්වයක් දෙන්න පුළුවන් වෙන අය ඉන්නවා', හිටපු ඇමති නවීන් කියයි :මවුබිමෙන් පුවත් ජූලි 18

අද - ජූලි මස 18 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jul 18, 20258 min

ඕස්ට්‍රේලියානුවන් බිලිවෙමින් යන දියවැඩියාවෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි: කාලීන විග්‍රහය

දියවැඩියාව ඕස්ට්‍රේලියාවේ සිදු වන පුද්ගල මරණ සඳහා හත්වන වඩාත් පොදු හේතුව වේ. මේ හේතුවෙන් දියවැඩියාව වැළැක්වීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ඉක්මන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Jul 18, 202510 min

ඩොලර් බිලියන ගණනක වෙළඳ ගිවිසුමක් නිසා ඇමරිකා ජනපති ට්‍රම්ප් ඉන්දුනීසියාවට බදු අඩු කරයි: 'ලොව වටා'

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Jul 17, 20258 min

Regenerative Landscaping වැනි තිරසර භුමි අලංකරණ කටයුතු උදෙසා ස්වදේශික දැනුම් පද්ධතිය වැදගත් වන්නේ මෙහෙමයි

සාම්ප්‍රදායික භූමි අලංකරණයෙන් ඔබ්බට ගිය සංකල්පයක් වන තිරසර බව මූලික කරගත් regenerative landscaping පිළිබඳවත්, මෙහි දී ඕස්ට්‍රේලියාවේ ස්වදේශික දැනුම් පද්ධතියේ ඇති වැදගත්කම පිළිබඳවත් SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Jul 17, 20256 min

කෘතිම රස කාරක භාවිතාව ඉහල යාම නිසා සිදුවන පරිසර හානිය ගැන පර්යේෂණ වාර්තාවක් හෙළිකරයි: කාලීන විග්‍රහය

කෘතිම රස කාරක එසේත් නැතිනම් Artificial sweeteners පිළිබඳව අදාළ බලධාරීන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව පරිසරවේදීන් අනතුරු අඟවා සිටිනවා. මෙම කෘතිම රසකාරක පරිසරයට එකතුවීම සිදුවන අතර ඒවා ඉතා ඉක්මනින් දිරාපත් වීමක් නොවී ජලාශ සහ අවට පරිසරයේ රැඳෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Jul 17, 20257 min

කාඩ්පත් වලින් සිදුකරන ගෙවීම් සඳහා අය කෙරෙන අධිභාරය ඉවත් කරන ලෙසට ඔස්ට්‍රේලියානු මහ බැංකුවෙන් යෝජනාවක්

කාඩ්පත් හරහා සිදුකරන ගෙවීම් වලදී පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන අධිභාරය (surcharge) ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව යෝජනා කර ඇති බව වාර්තා වනවා. මේ හරහා සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් බිලියන 1.2ක් පමණ ඉතිරිවන බව මහබැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Jul 16, 20254 min

නොදර්න් ටෙරිටරියට සංක්‍රමණය වෙන අයට පහසුවෙන් රැකියා සොයා ගන්න තියෙන වැඩසටහනක් ගැන තොරතුරු මෙන්න

ඔස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරිය වෙත සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන අයට විවිධ ක්ෂේශ්ත්‍ර වල රැකියා සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක වන වැඩසටහනක් පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Jul 16, 20253 min

ඕස්ට්‍රේලියාවේ 'childcare' මධ්‍යස්ථාන සඳහා සේවකයින් බඳවා ගැනීමේදී සොයා බලන කරුණු ගැන විස්තර මෙන්න

Childcare මධ්‍යස්ථාන එසේත් නැතිනම් ළමුන් රැකබලා ගන්නා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළිබඳව පසුගිය දිනවල විශාල කතා බහක් ඔස්ට්‍රේලියාව පුරා ඇති වුනා. වයස අවුරුදු 26 වන වික්ටෝරියා ප්‍රාන්තයේ childcare මධ්‍යස්ථානයක සේවය කල පුද්ගලයකු එහි ළමුන්ට ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලබා පොලිස් අත්අඩංගුවට පත් වනු දක්නට ලැබුනා. මෙවැනි සිදුවීම් වාර්තා වීමත් සමග ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි සේවකයින් බඳවා ගැනීමේදී ඔවුන්ගේ පසුබිම පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම ඉතා වැදගත් වනවා. වර්තමානයේ childcare මධ්‍යස්ථාන සඳහා සේවක...

Jul 15, 202510 min

How to start your home business in Australia - ඕස්ට්‍රේලියාවේදී ඔබේම නිවසේ සිට ව්‍යාපාරයක් අරඹන්නේ මෙහෙමයි: Australia Explained

Did you know that people offering taxi services from home need to register for Goods and Services Tax (GST)—regardless of how much they earn? Or that a fitness instructor needs local council approval to see clients at home? In this episode, we unpack the basic rules you need to know when setting up a home-based business in Australia. - ඔබගේ නිවස පදනම් කරගනිමින් ආරම්භ කරන ව්‍යාපාරයක් හෙවත් home-based business එකක් බොහෝ දෙනෙකුට ආකර්ශනීය අදහසක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් නිවස පදනම් කරගත් ව්‍යාපාරය...

Jul 15, 202512 min

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඉපැරණි නිර්මාණ එකතුවක් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළුවේ: කාලීන විග්‍රහය

ලොව පැරණිතම පාෂාණ කලා නිර්මාණ එකතුවක් ඇති Murujuga සංස්කෘතික වටිනාකමක් සහිත භූමිය, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නිල වශයෙන් නම්කර තිබෙනවා. මේ සඳහා මෙම භූමියේ පාරම්පරික හිමිකරුවන් පැරිස් නුවර වෙත ගොස් තිබුනා. බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ඉතා වැදගත් ස්ථානයේ ඊජිප්තුවේ හෝ රෝමයේ හඳුනාගත් කළා කලා නිර්මාණ වලටද වඩා ඉපැරණි ගල් කැටයම් සොයාගෙන ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්.

Jul 15, 20258 min

Type 2 Diabetes අවදානම, හදවත් සහ පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත පරීක්ෂාවන් මේ සතියේ නොමිලයේ ළඟම ෆාමසියෙන්

ජූලි 13වන දා සිට 19වන දා දක්වා ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතිය පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානුවන්ට දැන් ප්‍රයිස්ලයින් ෆාමසියකට ගොස් නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂාවක් කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. දෙවන ඛාණ්ඩයේ දියවැඩියාව හෙවත් Type 2 Diabetes වැළැක්වීමේ ප්‍රයත්නයට සහායක් ලබා දීම මෙහි අරමුණයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

Jul 14, 20256 min

දියවැඩියා රෝගීන් සීරීමකට හෝ ඉඩ නොදී දෙපා රැක ගත යුත්තේ ඇයි, ජාතික දියවැඩියා සතියේදී පාද පරික්ෂාව ගැන දැනගමු

මේ ගත වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික දියවැඩියා සතියයි. දියවැඩියා රෝගීන් සිය පාද සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වනවා. මෙහි දී පාදවල ඇතිවන විශේෂ වෙනස්කම් සහ පාද පරීක්ෂා කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Jul 14, 20257 min

සත්ව සෛලවලින් නිපදවන මාංශ හෙවත් Cultured Meat ඕස්ට්‍රේලියානු ආහාර කලාවට එකතු වෙයි: කාලීන විග්‍රහය

පර්යේෂණාගාරයක හෝ කර්මාන්ත ශාලාවක සත්ව සෛලවලින් නිපද වූ මස් අනුභව කිරීම ඔබ සිදු කරනවාද? Cultured meat යනුවෙන් හඳුන්වන මෙම මස් මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා සමහර අවන්හල් වලින් රස විඳීමට පුළුවන්. සැබෑ වශයෙන් ම cultured meat යනු මොන වගේ ආහාරයක් ද? මස් මේ ආකාරයට නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත්තේ ඇයි? අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Jul 14, 20259 min

'ඇමරිකාවේ බදු අඩුකරගන්න අපි දිගටම සාකච්චා කරනවා', ඇමති සමන්ත කියයි: මවුබිමෙන් පුවත් ජූලි 14

අද - ජූලි මස 14 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jul 14, 20258 min

ශීත කාලයේ වැඩිවන RSV වෛරසයෙන් ළදරුවන් සහ ගැබිණි මවුවරුන් ආරක්ෂා වෙන්න ගතයුතුම එන්නත් ගැන තොරතුරු මෙන්න

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන RSV වෛරසයෙන් ළදරුවන් ආරක්ෂා කිරීමට සහ ගැබිණි මවුවරුන්ගේ ආරක්ෂාවට ගත හැකි එන්නත් පිළිබඳව වන තොරතුරැ ගැන දැනගතයුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

Jul 11, 202510 min

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජූලි 07 - ජූලි 11

ජූලි 07 වනදා සිට ජූලි 11 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Jul 11, 20258 min

'අවශ්‍යම වෙලාවට මට කණ්ඩායමට ලකුණු දෙන්න පුළුවන් වුන එක ගැන ගොඩක් සතුටුයි', කුසල් කියයි : ක්‍රීඩා විග්‍රහය

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Jul 11, 20258 min

විෂ සහිත ඇල්ගී විශේෂයක් නිසා දකුණු ඕස්ට්‍රේලියාවේ සාගර ජීවින් සහ ධීවර කර්මාන්තය දැඩි අනතුරක: කාලීන විග්‍රහය

දකුණු ඕස්ට්‍රේලියානු මුහුදු ජලයේ විෂ සහිත ඇල්ගී විශේෂයක් පැතිරෙමින් පවතින අතර එය සමුද්‍ර ජීවීන්ට හානි කරමින් ධීවර කර්මාන්තයට ද බලපෑම් එල්ල කරන තත්ත්වයක් උදා කර තිබෙනවා. මේ පැතිරීම නිසා දිගුකාලීන හානියක් සිදුවිය හැකි බවට විශේෂඥයන් සිය මත පළ කරනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Jul 11, 202513 min

'ඇමරිකාවේ බදු අපේ රටේ ක්ෂේස්ත්‍ර වලට කරන්නේ ලොකු සෘණාත්මක බලපෑමක්', විපක්ෂ නායක කියයි:මවුබිමෙන් පුවත් ජූලි 11

අද - ජූලි මස 11 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jul 11, 20258 min
For the best experience, listen in Metacast app for iOS or Android