SBS Sinhala - SBS සිංහල වැඩසටහන - podcast cover

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Last refreshed:
Follow this podcast in the Metacast mobile app to refresh it and see new episodes.
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

කලා නිර්මාණ හරහා ඕස්ට්‍රේලියානු ස්වදේශික සංස්කෘතිය රැකගන්න දරන උත්සාහයක් ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

NAIDOC සතිය ජුලි 6 වනදා සිට ජුලි 13 වනදා දක්වා සැමරීම සිදු කරනවා. ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ අනාගත නායකයින්ගේ දැක්ම සහ ශක්තිය සැමරීම මෙවර NAIDOC සතියේදී සිදුවනවා. සෑම වසරකම ජූලි මාසයේ සැමරෙන මෙම සතිය හරහා අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි වැසියන්ගේ ඉතිහාසය සහ සංස්කෘතික දායාදයන් සැමරීම සිදුවනවා. PAAAM ලෙස හඳුන්වන පෝර්ට් ඔගස්ටා හි ආදිවාසී කලා එකමුතුව්වේ මූලිකත්වය ගෙන කටයුතු කරන කලාකාරිනියක් විසින් තම සංස්කෘතිය ජීවමානව පවත්වා ගැනීමට කලා නිර්මාණ වල ඇති වැදගත් කම පිලිබඳව අදහස් දක්වා සිටිනවා. මේ ...

Jul 03, 20258 min

නව මූල්‍ය වර්ෂයේ ආරම්භයත් සමග ඕස්ට්‍රේලියාවේ ක්ෂේශ්ත්‍ර කිහිපයක සිදුවන ප්‍රධාන වෙනස්කම් කිහිපයක් මෙන්න

ජුලි 1වනදා නව මූල්‍ය වර්ෂය ආරම්භ වීමත් සමග ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේශ්ත්‍ර වල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. Centrelink දීමනා, මාර්ග නීති වෙනස්වීම් මෙන්ම අවම වැටුප් ඉහල යාම සහ superannuation දීමනා ප්‍රතිශතය ඉහල යාමද මීට ඇතුලත් වනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් කිහිපයක් ගැන මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එනවා

Jul 02, 20255 min

ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට ක්‍රියාත්මක වෙන වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් මෙන්න

ඕස්ට්‍රේලියාවේ ජුලි 1වෙනිදා සිට වීසා සම්බන්ධ වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වීම සිදුවනවා. මේ ආකාරයට සිදුවන වෙනස්කම් මොනවද කියල තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Jul 02, 20254 min

ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන සංක්‍රමණික පසුබිමක් ඇති තරුණ දරුවන් මුහුණ දෙන 'Identity crisis' එක ගැන තොරතුරු

ඔස්ට්‍රේලියාව වගේ රටක හැදී වැඩෙන සංක්‍රමණික පසුබිමක් සහිත දරුවන් මුහුණ දෙන අනන්‍යතාවය පිලිබඳ ගැටළු එසේත් නැතිනම් "Identity Crisis" කියන මානසික ගැටළුකාරී තත්වය සහ එය හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

Jul 01, 202511 min

How does media work in Australia? - ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය ක්‍රියා කරන්නේ කෙසේද: Australia Explained

A free, independent and diverse press is a fundamental pillar of democracy. Australia has two taxpayer-funded networks that serve the public interest (ABC and SBS), plus a variety of commercial and community media outlets. Although publicly funded media receives money from the government, it is unlike the state-sponsored outlets found overseas. - යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ මාධ්‍යයේ කාර්යභාරය කුමක්ද, ඕස්ට්‍රේලියාවේ වාණිජ මාධ්‍ය සහ මහජන අරමුදල් ලබන විකාශකයින් වෙනස් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ...

Jul 01, 202514 min

ඇමරිකාවේ ඉල්ලීමට අනුව ආරක්ෂක වියදම් ඉහල නොදමන්න ඔස්ට්‍රේලියාව තීරණය කරයි: කාලීන විග්‍රහය

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහල දමන ලෙසට ඇමරිකා එක්සත් ජනපදය පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියා. NATO සාමාජික රටවල්ද තම ආරක්ෂක වියදම් ඉහල දමන්න පසුගිය NATO සමුළුවේදී එකඟ වී තිබුනා. කෙසේ උවත් ඇමරිකාව පවසන ආකාරයට තම ආරක්ෂක වියදම් ඉහල නොදැමීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Jul 01, 20258 min

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනයට භාවිත කරන Opal කාඩ්පත් ගාස්තු වෙනස් වෙන්නේ මෙහෙමයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන Opal කාඩ්පත් බොහොමයක ගාස්තු, contactless ගෙවීම් සහ දෛනික ගාස්තු සීමා යනාදිය 2025 ජූලි 14 වන සඳුදා සිට වෙනස් වන බව transportnsw.info වෙබ් අඩවිය සඳහන් කරනවා. ඒ වාර්ෂික consumer price දර්ශකයේ උච්ඡාවචනයන්ට අනුකූලවයි. අද විශේෂාංගයෙන් අපි කතා කරන්නේ Opal කාඩ්පත් ගාස්තු වෙනස්වීම් පිළිබඳවයි.

Jun 30, 20253 min

වැඩි දඩ සහ අඩු වේග සීමා සමග මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මාර්ග නීති ගැන ඔබ දැනගත යුතුම දේවල් මෙන්න

2025 ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව පුරා රියදුරන්ට බලපාන ප්‍රධාන මාර්ග නීති වෙනස්කම් සහ ඒ සම්බන්ධයෙන් අප දැනගත යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Jun 30, 202510 min

'මිනිස්සු නීතියට බයවෙන සහ යටත්වෙන තැනකට අපි ලංකාව ගේනවා', ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 30

අද - ජූනි මස 30 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jun 30, 20258 min

පීටර් ඩටන්ගේ නායකත්වයට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කරන බව විපක්ෂ නායිකා සූසන් ලී පවසයි: කාලීන විග්‍රහය

සිය නායකත්වය පීටර් ඩටන්ගේ ප්‍රවේශයෙන් වෙනස් බව නැෂනල් ප්‍රෙස් ක්ලබ් සිට කළ අදහස් දැක්විමක දී ෆෙඩරල් විපක්ෂ නායිකා සූසන් ලී විසින් කියා තිබෙනවා. එමෙන් ම ලිබරල් පක්ෂය නැවත ගොඩනැගීමට සහ තවත් කාන්තා අපේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට ඈ සතු සැලසුම් පිළිබඳව ද අදහස් පළ කර තිබෙනවා. බලපෑම් සහ පාලනය කිරීම් පිළිබඳ ජීවන අත්දැකීම් ඇති බව හෙළි කරමින් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කරන බවට ද ඇය පොරොන්දු වී තිබෙනවා. මේ පිළිබඳ අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරනවා.

Jun 30, 20256 min

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 23 - ජුනි 27

ජුනි 23 වනදා සිට ජුනි 27 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න

Jun 27, 20257 min

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත ප්‍රජාව මුහුණ දෙන අභියෝග ගැන නොකී කතා එළිදක්වන Hidden Stories

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ සරණාගත ප්‍රජාව මුහුණ දෙන අභියෝග වන භාෂා බාධක, සංස්කෘතික වෙනස්කම්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ රැකියාව වැනි මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය වැනි දේ සම්බන්ධයෙන් වන ගැටළු වල නොදකින පැත්ත ගැන කතා කරන Hidden Stories: Faces of our Community බහු සංස්කෘතික ඡායාරූප ප්‍රදර්ශනය සහ බහු සංස්කෘතික වැඩසටහන් සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන් දෙන්න

Jun 27, 20256 min

NATO සාමාජික රටවල් තම ආරක්ෂක වියදම් ඉහලදමීමට තීරණය කරයි: කාලීන විග්‍රහය ජූනි 27

NATO සංවිධානයට අයත් රටවල් තම ආරක්ෂක වියදම් ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක් ආරක්ෂක වියදම් සඳහා වෙන් කරන්න මේ රටවල් එකඟ වෙලා තියෙනවා. මේ අතර ඔස්ට්‍රේලියාව තම හමුදා සඳහා යුරෝපයට යැවීමට තීරණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වාර්ථා වන අලුත්ම තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Jun 27, 20257 min

බංගලාදේශය එක්ක අපිට ලොකු අභියෝග තිබ්බත් හොඳින් ලකුණු රැස් කරන්න බලනවා', නායක ධනංජය කියයි: ක්‍රීඩා විග්‍රහය

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Jun 27, 20258 min

'ලංකාවේ වැඩිවෙන ඝාතන සංස්කෘතිය නවත්තන්න අපිට රජයෙන් විසඳුමක් අවශ්‍යයි', සජිත් කියයි: මවුබිමෙන් පුවත් ජූනි 27

අද - ජූනි මස 27 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jun 27, 20258 min

මූලික ගෙවීම් කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන්නෙකුට ඉතිරි වන්නේ ඩොලර් 33ක් පමණයි, වාර්තාවක් පවසයි

ඉහළ යන විදුලි බිල්පත් නිසා දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් බලශක්ති ආශ්‍රිත ණය බරකට තල්ලු වෙමින් පවතින බවත්, අවම වැටුප් ලබන සේවකයන්ට සතිපතා මූලික වියදම් පියවා ගැනීමෙන් පසු මුදල් ඉතිරි නොවන බවත් නව Anglicare Australia වාර්තාවක් පවසනවා. අද මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.

Jun 26, 20255 min

ඇමරිකාවේ ප්‍රහාර නිසා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නැතැයි ඇමරිකානු අලුත් බුද්ධි තොරතුරු කියයි: 'ලොව වටා'

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Jun 26, 20258 min

ඉරාන ඊශ්‍රායල ගැටුමට සිරව සිටි ඕස්ට්‍රේලියානුවන් සියගණනක් ඊශ්‍රායලයෙන් ඉවත් කර ගනී: කාලීන විග්‍රහය ජූනි 26

මැදපෙරදිග ගැටුමෙන් බේරීමට උත්සාහ කල ඕස්ට්‍රේලියානුවන් 119 දෙනෙකු රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා ජෙට් යානයක් මගින් ඊශ්‍රායලයෙන් ඉවත්කරගෙන තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong පැවසුවේ ඉරානයෙන් සහය සහිතව මේ ආකාරයේ ඕස්ට්‍රේලියානුවන් ඉවත්කරගැනීමක් තවමත් සිදු කළ නොහැකි බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Jun 26, 20259 min

ඔබේ නිවසේ අමතර කාමරයක් කුලියට දෙන්න හිතනවානම් මේ කරුණු දැනගැනීම වැදගත්

ඔබ ජිවත් වෙන නිවසේ අමතර කාමරයක් කුලියට දෙන විට සහ එලෙස කාමර කුලියට ගන්නා අය විසින් සැලකිලිමත් විය යුත්තේ මොනවාද යන්න පිලිබදව තොරතුරු මෙම සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Jun 25, 202511 min

ඕස්ට්‍රේලියාවේ 'partner visa' ලබාගැනීමට ගතවන කාල වකවානු ගැන තොරතුරු මෙන්න

තම සහකරුවා හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔබ අයදුම්කළ යුතු වීස කාණ්ඩයක් තමයි partner visa කාණ්ඩය. ඉතින් මේ partner visa සඳහා අයදුම් කිරීමේදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි මේ සඳහා ගතවන කාලය. 2025 වසරේ ජුනි මාසයේදී මේ සඳහා ගතවන කාලසීමාවන් පිළිබඳව තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්න මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වනවා

Jun 25, 20254 min

2026 දී ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් ඉහළ යන්නේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේ තවත් නගරයක නිවාස මිල ගණන්වල සාමාන්‍ය අගය ඩොලර් මිලියනය ඉක්මවීමට ආසන්න වී තිබෙනවා. එමෙන්ම පහළ වැටීමකට ලක් වී තිබු තවත් නගරයක නිවාස මිල නැවත ඉහළ යමින් පවතිනවා. ඒ පිළිබඳ සහ ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල ගණන් පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

Jun 25, 20255 min

ඔස්ට්‍රේලියාවට අලුතින් එන අයට ස්වේච්ඡා සේවයේ යෙදීමේ ඇති වැදගත්කම ගැන තොරතුරු මෙන්න

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන නව සංක්‍රමණිකයින්ට ඕස්ට්‍රේලියාව තුලදී ස්වේච්ඡා සේවයේ යෙදීමේ ඇති වැදගත් කම ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න

Jun 24, 202510 min

How home and contents insurance works in Australia - ඕස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ ක්‍රියාත්මක වන්නේ කෙසේද: Australia Explained

Home and contents insurance is a safety net many households expect to rely on during difficult times. But it’s also a financial product that even experts can find challenging to navigate. Whether you own or rent your home, understanding your level of cover, knowing what fine print to look out for, and learning how to manage rising premiums can help you make more informed choices as a consumer. - ඔබේ නිවස හෝ දේපළ අවදානමට ලක් කරන සිදුවීම් ගැන සිතීම පවා අකමැති දෙයක් වන අතර කෙසේ නමුත් ඒවා අසාමාන්‍ය ...

Jun 24, 202510 min
For the best experience, listen in Metacast app for iOS or Android