ඇමරිකාවේ ආධාර කපා හැරීම ඕස්ට්‍රේලියානු ආයතන විසින් පවත්වාගෙන යනු ලබන මිලියනයකට අධික ජනතාවක් ළඟා වන වැඩසටහන් 100 කට වඩා සෘජුවම බලපා ඇති බව නව වාර්තාවකින් සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳ මේ විශේෂාංගයෙන් අවධානය යොමු කරනවා.
Jun 24, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 24වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jun 24, 2025•5 min
Alfred is an Indonesian migrant, and Clinton is an Aboriginal man from Western Australia. Their friendship changed the way Alfred understood his identity as a migrant Australian. - ඕස්ට්‍රේලියාවේ ජාතික සංහිඳියා සතිය මැයි 27 සිට ජූනි 3වන දා දක්වා යෙදී තිබුණා. ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්, ඔවුන්ගේ සංස්කෘතීන්, සහ ප්‍රජාව පිළිබඳ ස්වදේශික නොවන ජනතාවට ඉගෙනීමට, අවබෝධය ලබා ගැනීමට සහ ඇහුම්කන් දීමට මේ කාලය විශේෂයෙන් වෙන් කර තිබෙනවා. අද SBS Examines විශේෂාංගයේ අවධානය යොමු වෙන්නේ බහුසංස්කෘති...
Jun 24, 2025•8 min
ඕස්ට්‍රේලියාවේ වීසා බලපත්‍රයක් ඇති ඕනෑම කෙනෙකු දැනුවත්ව සිටිය යුතු Notice of intention to consider cancellation යනු පුද්ගලයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට සලකා බැලීමක් සිදු කෙරෙන බව ලිඛිතව දැනුම්දීමයි. මෙවැනි ලිපියක් ලැබීමට හේතු සහ ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Jun 23, 2025•7 min
ෆෙඩරල් රජය විසින් 2024 සිට ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීම උදෙසා වීසා අයදුම්පත් ගාස්තු වැඩි කිරීම සහ වීසා සැකසීම මන්දගාමී කිරීම වැනි ප්‍රතිපත්ති හඳුන්වා දී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාව සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වැනි ස්වාධීන අධ්‍යාපන අංශවලට මෙම වෙනස්කම් දැඩි ලෙස බලපා ඇති අතර සමහර ඒවා වැසී යාමට ද හේතු කාරණා වී තිබෙනවා. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
Jun 23, 2025•8 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 23වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jun 23, 2025•4 min
අද - ජූනි මස 23 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයිි
Jun 22, 2025•8 min
මේ ගෙවීගෙන යන ජුනි මාසය වන Bowel Cancer Awareness Month හෙවත් "බඩවැල් පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට" සමගාමීව, බඩවැල් පිළිකා පිළිබඳව සහ එමගින් ආරක්ෂා වීමට දැන සිටිය යුතු කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
Jun 22, 2025•10 min
ජුනි 16 වනදා සිට ජුනි 20 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවන සුවිශේෂී පුවත් ඇතුලත් සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න
Jun 20, 2025•8 min
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
Jun 20, 2025•8 min
අද - ජූනි මස 20 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Jun 20, 2025•8 min
ඕස්ට්‍රේලියාවේ සිටින සරණාගත ප්‍රජාව සහ රැකවරණ පතන්නන් අතර සියදිවි නසාගැනීම්, පසු කම්පන ආතති තත්ත්වයන් සහ මානසික සෞඛ්‍ය ගැටළු අනෙකුත් ප්‍රජා කණ්ඩායම්වලට වඩා බෙහෙවින් වැඩි බව පර්යේෂණවලින් පෙන්නුම් කරනවා. ඔවුන්ගේ සංස්කෘතියට හෝ භාෂාවට ගැළපෙන පරිදි මානසික සේවා සත්කාර හෝ තොරතුරු වෙත ප්‍රවේශ විය නොහැකි නිසා මානසික සෞඛ්‍ය ගැටලු බොහෝ විට නරක අතට හැරෙනවා. Wesley LifeForce යනු මෙම තත්ත්වය මග හැරවීම සඳහා ක්‍රියා කරන එක් සංවිධානයක් වනවා. ඔවුන් විසින් භාෂා හයකින් සරණාගත ප්‍රජාව උදෙසා සියදිවි නසාගැනීම් වැළැක්ව...
Jun 20, 2025•9 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 20 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jun 20, 2025•5 min
ඔබ රැකියාවකට අයදුම් කල විට ඔබගේ සුදුසුකම් පිළිබඳව අධ්‍යයනය කුත්‍රිම බුද්ධිය එනම් AI තාක්ෂනය භාවිතා වීම බහුලව අපට දක්නට ලැබෙනවා. වර්තමානය වන විට රැකියාවකට සුදුස්සකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුල ආයතන විසින් AI තාක්ෂනය භාවිතා කිරීම පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Jun 19, 2025•10 min
නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව තහනම් උවත් ඇතැම් පිරිස් අනවසරයෙන් මේවා භාවිතාවට පෙළඹී තිබෙනවා. මෙම මත්ද්‍රවය වල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව බොහෝවිට මේවා භාවිතා කරන අයට දැනුමක් නොමැති වනවා. මේ නිසා විශාල සෞඛ්‍ය අවධානමකට මේවා භාවිතා කරන්නන් මුහුණ දෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට එම මත්ද්‍රව්‍ය වල ඇති රසායනික සංයුතිය පරීක්ෂා කරගත හැකි ස්ථිර ස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර සිටින බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය තහවුරු කර තිබෙනවා. මේ අනුව බොහොමයක් නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර ...
Jun 19, 2025•8 min
සීත කාලයේ දී වැඩිහිටි ප්‍රජාවගේ ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලියට වන බලපෑම්, සැලකිලිමත් විය යුතු කරුණු සහ යහපැවැත්ම වෙනුවෙන් කල් තියා කළ යුතු දේ පිළිබඳ SBS සිංහල සේවය විසින් කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Jun 19, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 19වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jun 19, 2025•5 min
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
Jun 19, 2025•8 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 18 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jun 18, 2025•6 min
සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රංශයේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සමුද්‍ර දූෂණය පිටුදැකීමට නව එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 96ක් එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදු කලාපවල සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම පිළිබඳව ඉතා වැදගත් එකඟතාවයකට මේ වසර අගදී පැමිණීමට මෙම රටවල් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Jun 17, 2025•6 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 17වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jun 17, 2025•5 min
Australia may be known for its beaches, but its snowfields offer unforgettable winter experiences—whether you're skiing, tobogganing, throwing snowballs, or seeing snow for the very first time. In this episode, we’ll guide you through everything you need to know for a snow trip, from what to pack and where to go, to how to stay safe, warm, and ready for fun. - මේ ශිත කාලයේ බොහෝ දෙනෙක් හිම බැලීමට යාමට ප්‍රිය කරනවා.මේ නිසා හිම බැලීමට ඔබ යන ගමන උණුසුම්ව සහ ආරක්ෂිතව ගත කිරීමට සැලසුම් කිරීම සඳහා ඔබ ද...
Jun 17, 2025•12 min
විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු අධික වීම නිසා මිලියන දෙකක් පමණ වූ ඕස්ට්‍රේලියානුවන් වෛද්‍ය සේවා ලබා ගැනීම කල් දැමීම හෝ මග හැරීම සිදු කරනවා. නව වාර්තාවක් විසින් යෝජනා කරන්නේ දැරිය නොහැකි ගාස්තු අය කරන වෛද්‍යවරුන් වෙත හිමිවන මෙඩිකෙයාර් ප්‍රතිලාභය කප්පාදු කිරීම මෙයට විසඳුමක් වනු ඇති බවයි. ඒ පිළිබඳව මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
Jun 16, 2025•5 min
මේ ගත වන සීත සෘතුවේ අපි කැමතියි නිවසට වෙලා ඉන්න. ඒ විතරක් නෙවෙයි පැණි රස දේවල් කන්න බොන්නත් මේ කාලයේ වැඩි ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ කාල සීමාවේ සිරුරේ සීනි මට්ටම් ඉහළ යාමට ඇති ප්‍රවණතාව ඉහළයි. සීත සෘතුවේ දී ශරීරයේ ඉහළ යන සීනි මට්ටම් පාලනය පිළිබඳ SBS සිංහල සේවය විසින් සිදු කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.
Jun 16, 2025•10 min
අද - ජූනි මස 16 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Jun 16, 2025•8 min
අධ්‍යයනයට යොදාගත් ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය sunscreen නිෂ්පාදන 20 න් හතරක් පමණක් හිරු ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ප්‍රකාශ සපුරාලන බව නවතම වාර්තාවකින් සොයාගෙන තිබෙනවා.පාරිභෝගික උපදේශක කණ්ඩායමක් වන CHOICE හි නව වාර්තාවක් මේ බව හෙළිදක්වා ඇති අතර මෙම සොයාගැනීම් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගේ දැඩි අවදානයටත් කනස්සල්ලටත් පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Jun 16, 2025•11 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 16වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
Jun 16, 2025•5 min
ඕස්ට්‍රේලියාවට මේ වනවිට ආරම්භ වී තිබෙන ශිත සෘතුවත් සමග NB.1.8.1 variant වශයෙන් හැඳින්වෙන නව කොව්ඩ් ප්‍රභේධ ව්‍යාප්තිය භයානකද සහ එමගින් ආරක්ෂා වීමට කල යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Jun 15, 2025•10 min
ඔස්ට්‍රේලියාව තම ආරක්ෂක වියදම් ඉහල දැමිය යුතු බවට ෆෙඩරල් විපක්ෂය පැවසීම, IVF වැනි සේවා ලබාදෙන සායන සඳහා නව ජාතික මට්ටමේ නීති ගෙන ඒමට වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සහාය දැක්වීම මෙන්ම රුධිරය දන්දීම සඳහා උනන්දු වන ලෙසට රතු කුරුස සංවිධානයෙන් ඕස්ට්‍රේලියානු ජනතාවට සිදුකරන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු ජුනි 09 වනදා සිට ජුනි 13 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
Jun 13, 2025•10 min
ආහාරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වන දිනයන් විවිධ ස්වරූපවලින් ලේබල් මත දක්නට ලැබෙනවා. තේරුම් ගැනීමට අපහසු සහ නිශ්චිත රටාවක් අනුගමනය නොකරන මෙම ලේබල් නිසා නිවෙස්වල ආහාර නිකරුණේ ඉවත දැමීම සිදු වනවා. මේ නිසා සාමාන්‍ය නිවසකට වාර්ෂිකව ඩොලර් 2500ක පමණ අලාභයක් සිදු වනවා. ඒ පිළිබඳ වැඩිදුර විස්තර මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
Jun 13, 2025•6 min