SBS Sinhala - SBS සිංහල වැඩසටහන - podcast cover

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Last refreshed:
Follow this podcast in the Metacast mobile app to refresh it and see new episodes.
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

පුරුෂයින්ගේ යහපැවැත්මට, සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කිරීම අත්‍යවශ්‍යම ඇයි

2025 ජූනි මස 9 සිට ජුනි 15 දක්වා යෙදෙන Men's health week හෙවත් "පිරිමි සෞඛ්‍ය සතිය"ට සමගාමීව පුරුෂයින්ගේ ජීවිත තුළ සෞඛ්‍ය සම්පන්න පුරුදු ප්‍රවර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයි සහ ඒ සඳහා ඇති අභියෝග මොනවාද යන සාකච්චාවට සවන්දෙන්න

Jun 13, 20259 min

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී කමිඳුට සහ චමරිට සම්මාන රැසක් : ක්‍රීඩා විග්‍රහය

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Jun 13, 20259 min

අතීත මිතුදම යලි ගොඩනගමින් ආර්ථිකය දියුණු කරගන්න ශ්‍රී ලංකා ජර්මන් ජනපති හමුවේදී සාකච්චා: මවුබිමෙන් පුවත්

අද - ජූනි මස 13 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jun 13, 20258 min

ට්‍රම්ප්ගේ තීරණ නිසා ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන අහිමි වේදැයි සැකයක්: කාලීන විග්‍රහය

ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය සමඟ තිබෙන AUKUS ගිවිසුම සමාලෝචනයකට ලක් කරමින් පවතින බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා. 2032 වසරේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික සබ්මැරීන ලබා දීමට එළැඹි ගිවිසුම, ඇමරිකා එක්සත් ජනපදය විසින් අහෝසි කිරීමකින් තොරව පවත්වා ගනු ඇතැයි ඕස්ට්‍රේලියානු රජය විශ්වාස කරනවා. නමුත් දේශපාලනික විචාරකයන් පවසන්නේ අදාළ සමාලෝචනය යනු ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් ඩොලර් බිලියන 368ක ගිවිසුම අහෝසි කිරීමට භාවිත කරන උපායමාර්ගයක් බවයි. අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ පිළිබඳ වැඩිදුර ...

Jun 13, 20258 min

ජීවන රටාවේ වෙනස්කම් නිසා පවා සමේ ඇති විය හැකි Eczema තත්වය පිළිබඳ දැනගමු

සමේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්‍රතික්‍රියාවක් නිසා ඇති වන චර්ම ප්‍රදාහ තත්ත්වයක් eczema ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හඳුනා ගන්නවා.මෙය ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සමේ තත්ත්වයක්. ඒ නිසා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබට මේ ගැන දැනුමක් තිබීම වැදගත් වනවා. මෙහි රෝග ලක්ෂණ, මෙය ඇතිවීමට බලපාන හේතු සහ stress-related eczema පාලනය පිළිබඳ SBS සිංහල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Jun 12, 202510 min

'නීති විරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීම මම දිගටම කරනවා',ඇමරිකා ජනපති ට්‍රම්ප් කියයි: 'ලොව වටා'

මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.

Jun 12, 20258 min

Afterpay සහ Zip වැනි සේවා සඳහා හඳුන්වා දුන් නව නීති ඔබට බලපාන ආකාරය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

Afterpay, Zip වැනි පහසු ගෙවීමේ සේවා සපයන ඕස්ට්‍රේලියාවේ විවිධ සේවාවන් සඳහා රජය විසින් නව නීති පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව මෙම සේවාවන්ද සාමාන්‍ය ණයපත් එනම් ක්‍රෙඩිට් කාඩ්පත් ලෙස සැලකෙන අතර මේ හේතුවෙන් ණය ලබාගන්නා පුද්ගලයා පිලිබඳ සිදුකරන සොයාබැලීම් එනම් credit checks සිදුකිරීම වැනි වගකීම් සහගත ලෙස නය ලබාදීමට අදාළ ක්‍රියාකාරකම් සිදුකිරීමට මෙම ආයතන වලට සිදුවනවා.ඕස්ට්‍රේලියානුවන් 40%ක් පමණ මෙම සේවාවන් ලබා ගන්නා අතර මෙම නව නීති හරහා ඔවුනට සිදුවන බලපෑම විමසා බැලීම මෙහිදී වැදගත් වනවා. මේ පිලිබඳ ව...

Jun 12, 202511 min

මේ සීත කාලයේදී විදුලි සහ ගෑස් බිල් පාලනය කරගන්න මේ ගැනත් දැනගන්න

බලශක්තිය අරපරිස්සමෙන් පාවිච්චි කරමින් ශීත සෘතුවේ වැඩි වන බිල්පත් පාලනය කරගන්නා ආකාරය දැන ගන්න මෙම සාකච්චාවට සවන් දෙන්න

Jun 11, 202510 min

ගෝලීයව පිළිගත් ජයග්‍රහණ ඇති අයට, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචියට නව මාවතක්

පර්යේෂණ, ව්‍යවසායක, ආයෝජන සහ නිර්මාණශීලී වෘත්තිකයින් සඳහා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය National Innovation Visa වැඩසටහන මේ වනවිට විවෘත කොට තිබෙනවා. මේ ඔස්සේ කලා, ශාස්ත්‍රීය, පර්යේෂණ සහ ක්‍රීඩා වැනි ක්ෂේත්‍රවල ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගෙන තිබෙන පිරිසට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අයදුම් කළ හැකියි. ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.

Jun 11, 20254 min

How to avoid romance scams in Australia - ඕස්ට්‍රේලියාවේ සිදුවන Romance scams වලින් ආරක්ෂා වන්නේ කොහොමද: Australia Explained

Last year alone, over 3,200 romance scams were reported by Australians, resulting in losses of more than 23 million dollars. Three experts explain how scammers operate, the red flags to watch for, and what to do if you’re the victim of a romance scam. - පසුගිය වසරේ පමණක් ඕස්ට්‍රේලියානුවන් Romance scams හෙවත් ප්‍රේමය පදනම් කරගනිමින් සිදු කරන වංචා සිදුවීම් 3200 කට අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියානුවන් හට ඩොලර් මිලියන 23 කට වඩා පාඩු සිදුවී තිබෙනවා. එමෙන්ම ආදරය සොයන ඕනෑම කෙනෙකු ඔවුන්ගේ කූට උපක්‍රම වලට...

Jun 10, 202514 min

වැඩිහිටියන්ගේ අයිතීන් මුල් කරගත් Aged Care පනතේ සිදුවන වෙනස්කම් මෙන්න

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් රජයේ ප්‍රතිපාදන මත කෙරෙන වැඩිහිටි සත්කාර සේවා, එහෙමත් නැත්නම් aged care සඳහා නව පනතක් 2024 නොවැම්බර් 25 වන දා සම්මත කරගත්තා. Aged Care Act 2024 විදියට හඳුන්වන මේ පනත, බලාත්මක වීම සිදු වෙන්නේ 2025 නොවැම්බර් 25 වන දා. 2025 ජූලි මාසේ තමයි මේ දේ සිදු වෙන්නට කරුණු කාරණා යෙදිලා තිබුණේ. ජූලි මාසේ ඉඳන් නොවැම්බර් වෙනකන් තිබෙන කාලය, සත්කාර සේවා සපයන්නන් හට නව නීතිවලට අනුගත වීමට අවශ්‍ය කාලය සපයන බව තමයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පවසන්නේ. මේ නව පනතෙහි වැදගත්කම, ...

Jun 10, 20256 min

ඕස්ට්‍රේලියාවේ කොරල්පර විනාශ වීමේ අවදානමක් ගැන පර්යේෂකයින් අනතුරු අඟවයි: කාලීන විග්‍රහය ජූනි 10

ජුනි මාසයට යෙදී තිබුන ලෝක සාගර දිනය නිමිත්තෙන් ගෝලීය නායකයින් තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව සඳහා ප්‍රංශය වෙත ගොස් සිටිනවා. ලෝක සාගර දිනය යෙදුන මේ මාසයේ ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් ඕස්ට්‍රේලියාවේ කොරල්පර වල තත්වය ගැන අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Jun 10, 202510 min

සමාජ සේවා සඳහා ලබාදෙන ඉහලම සම්මානයෙන් පිදුම් ලද ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයා ගැන තොරතුරු මෙන්න

තම ප්‍රජාවේ අයට සිදුකරන ලද විශිෂ්ට සේවයට හෝ තම ක්ෂේශ්ත්‍රයේ ලබන සුවිශේෂී ජයග්‍රහණ වෙනුවෙන් පිරිනමන ගෞරවණීය සම්මානයක් තමයි The Medal of the Order of Australia සම්මානය. මේ වසරේ මෙම සම්මානය General Division යන කාණ්ඩයෙන් ජයග්‍රහණ කිරීමට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයකු සමත් වී තිබෙනවා. මේ සම්මානයෙන් පිදුම් ලද විද්‍යාසගරන් හරන් රාමචන්ද්‍රන් මහතා සමග සිදුකල සාකච්චාවට සවන් දෙන්න

Jun 09, 202511 min

Superannuation ගිණුම් සඳහා වන යෝජිත නව බදු ප්‍රතිපත්තිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය ජූනි 09

ඇතැම් superannuation ගිණුම් සඳහා වන බදු පැනවීම සම්බන්ධයෙන් වන ලේබර් රජයේ යෝජනා ගැන සමාජයේ ඇතැම් පිරිස් අතර යම් කතා බහක් ඇතිවී තිබෙනවා. මෙම බදු පැනවෙන්නේ කොහොමද, බදු පැනවීමේ ප්‍රතිශතය කුමක්ද වැනි කාරණා ගැන වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Jun 09, 20258 min

'නීතියට අනුව නිදහස් කරපු බහාලුම් 323 ගැන අපි නැවතත් පරීක්ෂණ කරනවා', ශ්‍රී ලංකා රේගුව කියයි: මවුබිමෙන් පුවත්

අද - ජූනි මස 09 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jun 09, 20258 min

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, ජුනි 02 - ජුනි 06

ඇමරිකානු හරක්මස් ආනයනයට අවසර දීම ගැන සලකා බැලීම, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයකට සූදානම් වීම මෙන්ම ටස්මේනියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජෙරමි රොක්ලිෆ් විශ්වාසභංග යෝජනාවකින් පරාජය වීම වැනි පුවත් සමග ගතවුණු ජුනි 02 වනදා සිට ජුනි 06 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය

Jun 06, 20258 min

'අපි කාටවත් පක්ෂව ගැසට් ගහන්නේ නැහැ', ක්‍රීඩා ඇමති සුනිල් කුමාර කියයි: ක්‍රීඩා විග්‍රහය

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න

Jun 06, 20258 min

'විනාස වුන පරිසරය යළි ගොඩනැගීම හැමෝගෙම පොදු වගකීමක්', පරිසර දිනයේදී ජනපති අනුර කියයි: මවුබිමෙන් පුවත් ජූනි 06

අද - ජූනි මස 06 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

Jun 06, 20258 min

ටස්මේනියාව හදිසි මැතිවරණයකට සැරසෙයි: කාලීන විග්‍රහය ජූනි 06

ටස්මේනියා ප්‍රාන්ත ප්‍රධානීට එරෙහිව ප්‍රාන්ත පාර්ලිමේන්තුව ගෙන ආ විශ්වාසභංගය හමුවේ ඔහු පරාජයට පත් වුණා. ඒ අනුව ටස්මේනියාවට හදිසි මැතිවරණයකට එළැඹීමට සිදු වෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

Jun 06, 20257 min

Facebook Marketplace එකේ සිදුවන වංචා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගේ අත්දැකීම් කිහිපයක් මෙන්න

Facebook Marketplace එකේ සිදුවන වංචා ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ගේ අත්දැකීම් අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Jun 05, 202512 min

ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න ඕස්ට්‍රේලියාව Nature-Based Solutions යොදා ගන්නේ මෙහෙමයි

පරිසරය පාදක කරගනිමින් මනුෂ්‍ය වර්ගයා ඇතුළු මුළුමහත් පරිසර පද්ධතියටම අභියෝග ජයගැනීමට උපකාර වන විසඳුම් nature-based solutions විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මෑතක දී ඕස්ට්‍රේලියාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනවලට මුහුණ දීමට මේ nature-based solutions භාවිත කිරීම පිළිබඳ දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න..

Jun 05, 202510 min

ඕස්ට්‍රේලියාවේ ආයතන සම්මුඛ පරීක්ෂණ වලට AI තාක්ෂණය යොදා ගැනීමෙන් ඇතැම් සංක්‍රමණිකයින්ට අසාධාරණයක් සිදුවනවාද

ඕස්ට්‍රේලියාවේ ආයතන වලින් තුනෙන් දෙකක් පමණ වර්තමානය වනවිට සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සඳහා AI තාක්ෂණය එහෙම නැතිනම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම සිදු කරනවා. මෙම ක්‍රියාවලිය තුල සංක්‍රමණිකයින් ඇතුළු ඇතැම් පිරිස් සඳහා යම් අසාධාරණ තත්වයක් ඇතිවන බවටද මතයක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාන්ගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Jun 05, 20256 min

ස්වභාවික විපත් නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට සෑම වසරකම ඩොලර් බිලියන ගණනක පාඩුවක්

පසුගිය කාලයේ වාර්තා වූ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් සිදුවූ අලභානිය ඩොලර් බිලියන 2.2ක් පමණ වන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරය ප්‍රකාශ කර සිටිනවා. මේ සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව රටක් වශයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවට ප්‍රජා නායකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ දේශගුණික විපර්යාස පිලිබඳ පර්යේෂකයින් පවසා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Jun 05, 20259 min
For the best experience, listen in Metacast app for iOS or Android