SBS සිංහල Newsflash ජූනි 05: විශ්වාසභංගයක් හේතුවෙන් ටස්මේනියාව හදිසි මැතිවරණයකට එළැඹෙන ලකුණු
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 05වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ශීත ඍතුවේදී සම වියලීමට ලක්වීම පිළිබඳව සහ එය වලක්වාගැනීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔබ විසින් ඔබේ දරුවාට සුදුසු පාසලක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් සහ ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න මේ සාකච්චාවට සවන්දෙන්න
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 04වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න
ජූනි මාසයේ ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාව නිල වශයෙන් සීත සෘතුව පිළිගත්තා. මේ කාලගුණ වෙනසට එළිමහනේ දී ශරීර සුවතාව උදෙසා කරන ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලට බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙනවා. සීත කාලයේ දී ශරීරයේ නිරෝගී පැවැත්ම උදෙසා ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීම පිළිබඳ SBS සිංහල සේවය විසින් මෙල්බර්න් හි වෙසෙන ශරීර සුවතා පුහුණුකරුවෙකු සහ ව්‍යායාම සම්බන්ධ විශේෂඥයෙකු හෙවත් Exercise Scientist කෙනෙකු වන ගයත් ජයසිංහ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
Parent වීසා අයදුම්කරුවන්ට තමන්ගේ "ඉමි ගිණුම" හරහා වීස අයදුම් කරන ක්‍රියාවලියේ සේවාවන් ඔන්ලයින් ක්‍රමවේදය හරහා ලබා ගැනීමේ හැකියාව දැන් තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
ඕස්ට්‍රේලියාවේදී ඔබේ අසනීප හෝ තුවාල වූ දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමට ඔබට ඕනෑම. මොහොතක අවශ්‍ය විය හැකි වනවා. දිගු රැඳී සිටීමේ වේලාවන්, යා යුත්තේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ඔබේ දරුවා අසනීපව සිටිනු දැකීමේ ආතතිය, ඕනෑම දෙමව්පියෙකුට දැරීමට යම් දුරකට අපහසු විය හැකියි.මේ හේතුවෙන් දරුවෙකු සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යාමේදී අපේක්ෂා කළ යුතු දේ සම්බන්ධයෙන් තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 03වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක වියදම් ඉහළ දමන ලෙස ඇමරිකාව විසින් කළ ඉල්ලීම අගමැති ඇන්තනී ඇල්බනීසි ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකාව විසින් ඕස්ට්‍රේලියානු වනේ සහ ඇලුමිනියම් සඳහා පැනවූ බදු ඉවත් කරගැනීම පිළිබඳව සිදුකරන සාකච්ඡා අතරතුර මෙම සිදුවීම වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙවත් Australian Bureau of Statistics ඉදිරිපත් කළ නව දත්තවලට අනුව කෝවිඩ්-19 වසංගතයෙන් පසු කුලී නිවාස මිල ගණන් ක්‍රමිකව ඉහළ ගොස් තිබෙනවා. වසංගත කාලයට පෙර පැවති මිල ගණන් හා සැසඳීමේ දී මේ තත්ත්වය සමහර ප්‍රාන්තවල සතියක කුලී ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 250කට වඩා වැඩි වීමක් ලෙස දැක්වෙනවා. අද මේ විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.
අද - ජූනි මස 02 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 02 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
පාසල් යන වයසේ පසුවන සෑම ළමුන් 100ක ගෙන් එක් අයෙකුට ටූරෙට් සින්ඩ්‍රෝම තත්වය පැවතීමේ හැකියාවක් තිබෙනවා. මෙම ටූරෙට් සින්ඩ්‍රෝම තත්ව ස්නායු සංවර්ධන දුර්වලතාවයක් හේතුවෙන් ඇතිවන ආබාධයක් වන අතර ඒ හේතුවෙන් ශරීරයේ පාලනය කළ නොහැකි චලනයන් හෝ ටික්ස් ලෙස හඳුන්වන යම් ශබ්ද ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය නිසා පිඩා විඳින ළමුන් සියදිවි හානි කර ගනීමේ වැඩි අවදානමක් පවතින හෙයින් මේ පිළිබඳව දැනුවත් වී සිටින ලෙස විශේෂඥයන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
ඇමරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියාව දරන උත්සාහය, ගාසා තීරයට ලබාදෙන මානුෂීය ආධාර ලබාදීම සීමා කිරීම ගැන ඊශ්‍රායලයට ඕස්ට්‍රේලියානු රජය අප්‍රසාදය පල කිරීම සහ ඕස්ට්‍රේලියාවේ අධික තරබාරුකම අඩුකිරීමට සීනි බද්දක් හඳුන්වාදීමට රජයට සිදුකෙරෙන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු මැයි 26 වනදා සිට මැයි 30 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
ආන්ත්‍රික ප්‍රදාහ රෝගය හෙවත් Inflammatory Bowel Disease තත්ත්වය ඉහළ රටවල් අතරට ඕස්ට්‍රේලියාව ද අයත් වනවා. මෙරට ජීවන් වන ජනතාව අතර මෙම IBD රෝග තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතු වනවා. මේ රෝගී තත්ත්වයට හේතුව අදටත් හඳුනා ගෙන නැති වුවත්, එය වළක්වා ගැනීම සහ IBD සමඟ ජීවත් වීමේ දී දැනගතයුතු දේ සම්බන්ධයෙන් අපි මේ වන විට මනා අවබෝධයක් ලබා ගනිමින් සිටිනවා. අද ඒ පිළිබඳ මේ විශේෂාංගයෙන් අපි කතා කරනවා.
අද - මැයි මස 30 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් වෙන්ව සිටි ලිබරල් පක්ෂය සහ National පක්ෂය නැවතත් එක්වූ බව නිවේදනය කොට තිබෙනවා. ප්‍රධාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඇති කරගත් ගිවිසුමකින් අනතුරුව එලෙස ලිබරල් සන්ධානය නැවත එක්ව ගමන් කිරීම සිදු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 30 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කල 'බහුචිතවදියා' චිත්‍රපටය පිළිබඳ කතා බහක්
ඇල්සයිමර් තත්වය සඳහා නව ඖෂධයක් අනුමත කිරීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම ඖෂධයට ඇල්සයිමර් තත්වය යම්තාක් දුරකට ප්‍රමාද කිරීමේ හැකියාව තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්‍රේලියානුවන් මිලියන භාගයක් පමණ අක්‍රමවත් හෘද ස්පන්දන තත්ත්ව වල වඩාත් සුලභ වර්ගය වන AF (atrial fibrillation) තත්වය සමඟ ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේ උවත් මෙම තත්වය පවතින අයගෙන් 30%ක් පමණ දෙනා එම තත්වය තමන්ට ඇති බව නොදැන සිටින බවට ද තොරතුරු වාර්තා වනවා. මෙම තත්වය නිසා ඔවුන් වයසට යන විට ඩිමෙන්ෂියා සහ හෘදයාබාධය ඇතිවීමේ දැඩි අවධානමක් පවතිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයන්, ගායකයන් සහ සංගීතඥයන්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන සාරංග ජයවර්ධන ගායනා කරන ගීතයක් පිළිබඳවයි.
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාව තුල ඇති කර්මාන්ත සහ සේවා සඳහා සංක්‍රමණිකයින්ගේ ශ්‍රම දායකත්වය විශාල වශයෙන් ලැබෙනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් තම සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයා ගැනීමේ අපහසුතා වලට මුහුණ දෙනවා. මේ අතර විවිධ ක්ෂේශ්ත්‍ර වල සේවකයින් සඳහාද විශාල ඉල්ලුමක් ඔස්ට්‍රේලියාව තුල පවතිනවා. මේ සඳහා විසඳුමක් ලෙස දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Community Corporate ආයතනය විසින් සංක්‍රමණිකයින් සහ සේවා යෝජකයින් සම්බන්ද කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශ...
ජූලි 1වන දා සිට ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වැසියන් හට සිය වාර්ෂික විදුලි බිල්පතෙහි වැඩිවීමක් දක්නට ලැබීමේ හැකියාවක් ඇති බව වාර්තා වනවා. සීත සෘතුවේ ආගමනයත් සමඟ, ක්වීන්ස්ලන්ත, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් හට සිය විදුලි බිල්පත් සියයට 3 සිට සියයට 10 දක්වා වැඩිවනු දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
වසර 1788 දී බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියානු භූමියට පැමිණ ජනාවාස පිහිටුවීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් මෙම භුමියේ සිටි මුල් වැසියන් වන ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වාසින් හට නොයෙකුත් ගැහැටවලට මුහුණ දීමට සිදු වුණා. එවක සුදු ජාතික පාලනාධිකාරිය විසින් ස්වදේශික දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල රඳවා තැබීම ඉන් එක් අවාසනාවන්ත සිදුවීමක් වනවා. මෙලෙස ඉතා කුඩා කාලයේ දී පැහැරගෙන ගොස් පුනරුත්තාපන කඳවුරුවල ඇතිදැඩි වුණු දරුවන්ගෙන් බිහිවුණු “ඇබෝරි...