මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රී ලංකික - චීන ජේෂ්ඨ පුරවැසියන්ගේ ඩිජිටල් දැනුම පිලිබඳ පර්යේෂණයක් සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර තරුපති මුණසිංහ මහතා ඒ පිළිබඳව SBS සිංහල සේවයට හෙලිකල තොරතුරු මෙම සාකච්ඡාවෙන්.
May 16, 2025•10 min
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
May 16, 2025•10 min
අද - මැයි මස 16 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
May 16, 2025•9 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 16 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
May 16, 2025•5 min
ඕස්ට්‍රේලියාව තුල රිය ධාවනය කිරීමේදී විවිධ නීති කඩ කිරීම් රියදුරන් අතින් සිදුවනවා. නමුත් ඇතැම් නීති කඩකිරීම් වලදී රියදුරු බලපත්‍රය අත් හිටුවීම හෝ එම වැරදි සාපරාධී ක්‍රියා ඝණයට ඇතුලත් වීම සිදු වනවා. ඕස්ට්‍රේලියාවේ රිය ධාවනයේදී සිදුවිය හැකි මෙවැනි නීති කඩකිරීම් පිළිබඳව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
May 15, 2025•9 min
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
May 15, 2025•10 min
ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට පක්ෂ නායකත්වයට කාන්තාවක් පත්වෙලා තියෙනවා. මේ හරහා ඉදිරියෙදී ලිබරල් පක්ෂයේ කාන්තා ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීමට ඔවුන් උත්සාහ කරනු ඇති. කෙසේ උවත් කාන්තාවක් නායකත්වයට පත්වූ පමණින් කාන්තා ඡන්ද දිනා ගැනීමට එය ප්‍රමාණවත් නොවනු ඇති බව විශේෂඥයන් පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
May 15, 2025•9 min
ශිෂ්‍ය වීසාවලින් පසු අයදුම් කරන 485 තාවකාලික වීසා පිළිබඳ නිරන්තරව යාවත්කාලීන වූ දැනුමකින් සිටීම වැදගත් වනවා. 485 වීසා බලපත්‍රයක අවසාන කාලයට ළඟා වූ කෙනෙකුට ඉන් පසු ඇති අවස්ථා පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි සංක්‍රමණ නියෝජිත නදුන් හේවා විදාන සමඟ සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.
May 15, 2025•7 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 15වන දා SBS සිංහල Newsflashවලට සවන්දෙන්න.
May 15, 2025•5 min
ගස්වල කඳන්වලට තට්ටු කිරීමේ දී චිම්පන්සීන් එය තාලයකට අනුව සිදු කරන බව නව පර්යේෂණයක් අනාවරණය කරනවා. බටහිර සහ නැගෙනහිර අප්‍රිකාවේ චිම්පන්සීන් ඔවුන්ට ආවේණික බෙර ශෛලියක් පෙන්නුම් කළ බවට ද අතීත පර්යේෂණයක් පෙන්වා දී තිබෙනවා. අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.
May 15, 2025•7 min
නිවසේ සිට රාජකාරි කිරීම කියන සංකල්පය කොවිඩ් 19 වසංගත කාලය තුලත් ඉන් පසුවත් බොහෝ ආයතන තුල භාවිතා වන ක්‍රමවේදයක් වෙලා තියෙනවා. මේ ක්‍රමවේදය නිසා බොහෝ සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව විසින් නිකුත් කල නව වාර්තාවකින් හෙළි කරලා තියෙනවා. නමුත් ඇතැම් ආයතන මෙම ක්‍රමයේ පලදායීතාවය ගැන ප්‍රශ්නකර සිටිනවා. මේ ක්‍රමවේදය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
May 14, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 14 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
May 14, 2025•5 min
ඕස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිදන්ගත රෝග තත්ත්වයකින් පෙළෙන බව මෑතක සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. නව යොවුන් වයසේ පසුවන ප්‍රජාවට වැළඳිය හැකි නිදන්ගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට පවුලක් ලෙස මැදිහත් විය හැකි ආකාරය මෙහි දී ඉතා වැදගත් වනවා. නිදන්ගත රෝග නිවාරණය, කළමනාකරණය සහ පවුලේ භූමිකාව පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි වෛද්‍ය ප්‍රභාත් වටපල්දෙණිය සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
May 13, 2025•8 min
Australia’s beautiful landscape is home to a stunning array of native plants and wildlife, and if you’re heading out to explore, it’s important to be a careful and respectful visitor. - වෙරළ තීරයන්ගේ සිට රට අභ්‍යන්තරයට වන්නට පිහිටා ඇති ජනගහනයෙන් අඩු Outback ප්‍රදේශ දක්වා ඔස්ට්‍රේලියාවේ දර්ශනීය සහ විවිධත්වයෙන් යුත් පරිසර හමු වනවා. මේ විවිධ පරිසරවල ඔස්ට්‍රේලියාවට ආවේනික වෘක්ෂලතා සහ සත්ත්වයන් දක්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවේ වනාන්තර ප්‍රදෙස්වල සංචාරය කිරීමට පෙර අදාළ ප්‍රදේශවල පාරිසරික සහ සංස්කෘතික අංග...
May 13, 2025•11 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 13 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
May 13, 2025•5 min
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි මහතා තම රජයේ නව කැබිනට් මණ්ඩලය පිළිබද තොරතුරු නිවේදනය කර තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් ලැබූ විශාල ජයග්‍රහණය සමගින් ලේබර් පක්ෂය තම ඉතිහාසයේ ලබාගත් වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාව ලබාගනීමට සමත් වෙලා තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
May 13, 2025•6 min
අද - මැයි මස 12 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
May 12, 2025•9 min
ශරීර බර අඩු කර ගැනීමේ ක්ෂුද්‍ර මාත්‍රා වශයෙන් "Ozempic" සහ "Wegovy" වැනි ඖෂධ භාවිතය මේ වන විට ඉහල යමින් තිබෙනවා. මේ හේතුවෙන් ඒවා භවිත කිරීමේ ප්‍රතිලාභ සහ එහි තිබෙන අවදානම් මොනවද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
May 12, 2025•9 min
නායකත්ව කණ්ඩායමේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ලිබරල් පක්ෂය මැයි 13 වන අඟහරුවාදා ඡන්ද විමසීමක් පවත්වන අතර ග්‍රීන්ස් පක්ෂය මැයි 15 වන බ්‍රහස්පතින්දා ඒ සඳහා සූදානම් වේ. මේ අතර ඇල්බනිසි රජයේ නව කැබිනට් මණ්ඩලය සඳහා ලේබර් පක්ෂ කාමරය තුල, අද - මැයි 12 වනදා සාකච්චා පැවැත්වෙනු ඇත. මැතිවරණයෙන් පසුව ඕස්ට්‍රේලියානු දේශපාලනයේ අද වන විට වාර්තා වන නවතම තොරතුරු අද - අපගේ 'කාලීන විග්‍රහයෙන් ' බලාපොරොත්තු වන්න
May 12, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 12වන දා SBS සිංහල Newsflashවලට සවන්දෙන්න.
May 12, 2025•4 min
විපක්ෂ නායක වරයා තේරීමේ තරඟයෙන් ලිබරල් සෙනට් සභික Dan Tehan ඉවත් වීම, දහහතරවන ලියෝ පාප්තුමාගේ තේරී පත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි සුභ පැතීම, ඉන්ෆ්ලුවෙන්සා උන රෝගීන්ගේ අසාමාන්‍ය වැඩිවීම ගැන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටීම වැනි පුවත් සමග ගතවුණු මැයි 05 වනදා සිට මැයි 09 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
May 09, 2025•9 min
අද - මැයි මස 09 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයිි
May 09, 2025•8 min
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න.
May 09, 2025•10 min
ග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt හට තම පාර්ලිමේන්තු ආසනය අහිමි වී ඇති අතර ඔහු තම පරාජය මේ වනවිට පිළිගෙන තිබෙනවා. මේ හේතුවෙන් ග්‍රීන්ස් පක්ෂයට නායකයකු නොමැති තත්වයක් ඇති වී තිබෙනවා. ලේබර් පක්ෂයේ Sarah Witty මෙම ආසනය ජයගෙන ඇති අතර ලේබර් පක්ෂය මෙම ආසනය දිනාගෙන ඇත්තේ වසර 15කට පමණ පසු බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
May 09, 2025•7 min
ජීවන වියදම් අර්බුදය හමුවේ ඉහළ යන බඩුමිල සමඟ මුදල් ඉතිරි කරගැනීමේ ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියානුවන් උනන්දු වී තිබෙනවා. Home brands නැතහොත් සුපිරි වෙළඳ සංකීර්ණවල වෙළඳ නාම යටතේ ඇති භාණ්ඩ මිලට ගැනීමට යොමු වීම එවැනි එක් ක්‍රමවේදයක් වෙනවා. Coles විසින් මෑතක කළ සමීක්ෂණයකට අනුව සාම පාරිභෝගිකයන් තුන් දෙනෙකුකෙන් එක් අයෙකු ම මේ සඳහා පෙළඹී තිබෙනවා. Home brand නිෂ්පාදනයක් යනු කුමක් ද? මිල අඩු වීම ගුණාත්මක බවට බලපානවා ද? අද විශේෂාංගයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා
May 09, 2025•5 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 9වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
May 09, 2025•4 min
ආර්තවහරණය (Menopause) හෙවත් මාසික ඔසප් චක්‍රය සදාකාලිකව නතර වීම යනු කාන්තාවකගේ ජීවිතයේ සිදු වන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් වනවා. ආර්තවහරණය ළඟා වීම හඟවන ලක්ෂණ, සංකූලතා සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳ අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය කැන්බෙරා හි වෙසෙන වෛද්‍ය අංජලී ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.
May 08, 2025•10 min
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ධ වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා
May 08, 2025•9 min
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් මේ වසරේ දී යාවත්කාලීන කරන ලද වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙය වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා වෙනත් සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂඥයින් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී සිටිනවා. කෙසේ උවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු ලෙස පැතිර යාමට කාරනා කිහිපයක් බලපානවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
May 08, 2025•10 min
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 8වන දා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
May 08, 2025•4 min